පිටවල පතනටත් සොරි ඩොට් කොම් ? ( ජායාරූප සහිතයි )

පිටවල පතනටත් සොරි ඩොට් කොම් ? ( ජායාරූප සහිතයි )

මුදල් වංචාවක් මෙන්ම පිටවල පතනට තර්ජනයක් ගෙන දෙන අන්දමේ ඉදිකිරීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

පහත සටහන ඒ ගැනය.

හෙක්ටයාර්10 ක පමණ බිම්කඩකින් හා 6cm - 10cm තුනී පස්තට්ටුවකින් සමන්විත වූ විශාල ජෛව විවිධත්වයකින් යුතු අති සංවේදී පාරිසරික කළාපයක් වන පිටවල පතන 2010 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස නම් කළ  දුම්බර මිටියාවතේ පිහිටි සුවිශේෂී බිම්කඩකි.

පතං අල, නිල් මොණරැස්ස, කඳුලැස්ස, වටැස්ස, යන ශාක විශේෂ මෙන්ම රළු ගල්පර මැඩියා, වක්නි හූනා යන සත්ත්ව විශේෂ මෙම පිටවල පතනටම ආවේනික වූ ශාක හා සත්ත්ව විශේෂ වේ. 

පුංචි ලෝකාන්තය හා ලංකාවේ විශාල ප්‍රමාණයක් ඈත කඳුවැටි දැකිය හැකි ස්තානයක් ලෙසද මෙම බිම්කඩ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් දිනාගැනීමට සමත්ව ඇත.

මෙහි 2015 වර්ෂයට පෙරද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විශාල ඉඳිකිරීමක් සිදු කෙරිණි. වර්තමානයේ දීද වර්ග අඩි 500 ක් ඉක්මවන බිම්කඩක් භාවිතයට ගෙන ප්‍රදේශයේ ජනතා විරෝධය මධ්‍යයේ ඉදිකිරීමක් සිදුවෙමින් පවතී.

2021 මාර්තු 05 වන දින පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවිරත්න  විසින් මෙම ඉදිකිරීම පාරිසරික පද්ධතියට තර්ජනයක් බැවින් එය නතරකොට ආසන්න සුදුසු   භූමියක් පිටවල ගම තුළ තෝරා ගෙන එම ඉදිකිරිම සිදු කරන ලෙස ඉල්ලා සිටියාය.  

එහිදි ආණ්ඩුකාරවරයා මෙන්ම රෝහණ දිසානායක (පා.ම,) දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත,  යන අයද එම අදහස සුදුසු බව පිළ්ගත්තද  කමිටු සබාපතිට අවශ්‍ය වූයේ එහිම ඉදිකිරීමටය. 

මන්ත්‍රීවරියගේ දැඩි බළපෑම මත මාර්තු 11වනදා ඉදිකිරීම් තාවකාලිකව නතර කරන ලදී. පිටවල පතනේ ඇති ශාක වසර 300-400කටත් වඩා පරණ ගස් ඇති අතර ඒවා කුරු වනාන්තර ලෙස දැකිය හැක. 

මෙම ඉදිකිරීම සඳහා ගස් 15-20 ත් අතර ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර වන සංරක්ෂණ නිළධාරීන් පවසන්නේ වට 20 cm වූ එක ගසක් ඉවත් කළ බවයි.නමුත් විශාල මුල් සහිත කඳකොටස් දැකිය හැකි අතර ඇතැම් ඒවා 30cm වටප්‍රමාණයක් ඉක්මවයි.සෝදාගෙන ගිය සිමෙන්ති තට්ටු බිම්කඩ වසාගෙන ඇත. පතනේ ගල් තලාවන්ගෙන් ගලවාගත් ගල් පතුරු බැමි බැඳීමට යොදාගෙන ඇති බව දක්නට ලැබේ. 

ජනතාව පවසන්නේ මේ ඉදිකිරීම යට විශාල මුදල් වංචාවන් පවතින බවයි. ඒ සඳ්ශා ඇතැම් දේශපාලනයට සම්බන්ධ අයද මහවැලි කැලේ රැකිය යුතු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරිද සම්බන්ධ බවය. 

{gallery}pitagala{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න