Language Switcher

V2025

ශ්‍රී ලාංකික ධජය කාන්තා යට ඇදුමටත්

ශ්‍රී ලාංකික ධජය ඇතුලත් කාන්තා ඇදුම් (bikini) සහ වෙනත් ඇදුම් සම්බන්ධයෙන් වන වෙළද දැන්වීම් කිහිපයක්ලෝ  ප්‍රකට ඊ-වාණිජ්‍යය සමාගමක් වන amazon සමාගමට අයත් වෙබ් අඩවියෙහි පළවී තිබෙනා බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

1615641788081

 

ශ්‍රී ලංකා ධජය අවභාවිතා කරමින් විවිධ වූ භාණ්ඩ නොදුරු අනාගතයේදී amazon වෙබ් අඩවියට ලැයිස්තුගතවිය හැකි බවත්, එම නිසා amazon සමාගම වෙත ශ්‍රී ලංකා රජය රාජ්‍යත්‍රාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකල යුතු බව එම සංගමය ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දී සිටියි.

මෑතකදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ශ්‍රී ලාංකික ධජය පාපිස්සක් ලෙසින් දැක්වෙන දැන්වීමක් amazon සමාගමට අයත් වෙබ් අඩවියෙහි පලවී තිබෙන බවට දැඩි කතාබහට ලක්විය.   

මෙම කතාබහට ලක්වූ පාපිසි ඇතුලත් වෙළද දැන්වීම amazon වෙබ් අඩවියෙන් ඉවත් කීරීමට එම දැන්වීම පලකළ චීන සමාගම කටයුතු කල බවට බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඊයේ (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ප්‍රකාශ කොට ඇත.

චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන ගැනීමට ලැබුන වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී, ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් වේ.

තානාපති කාර්යාලය විසින් ඇමසොන් වෙබ් අඩවිය මත මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස ලිපියක් මගින් ඉල්ලා තිබිණ.

මේ වන විට එම දැන්වීම ඇමසොන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගනු ලබන බවත් බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

112692239 n