කතරගම දෙවියන් අසරණයි : පුදබිමේ රූස්ස ගස් බිමට !

කතරගම දෙවියන් අසරණයි :  පුදබිමේ රූස්ස ගස් බිමට !

ඓතිහාසික කතරගම පුදබිම ලක්වාසී බැතිමතුන් මෙන්ම විදෙස් සංචාරකයන්ගේ ද ගෞරවාදරයට පත් පුදබිමකි.  වියළි කළාපීය දේශගුණික ලක්ෂණ පෙන්වන කතරගම භූමි ප්‍රදේශය හරහා මැණික් ගඟ ගලාබසින අතර එහි දෙපස වසර දෙසීයකට වඩා ඉපැරැණි රූස්ස කුඹුක් හා මී ගස් වලින් දැවැන්ත පවුරක් සේ ජලමූලාශ්‍ර පිරිසිදු කරමින් පස සෝදා පාලුවට ලක්වීම වලකන අතරේම එම ප්‍රදේශයේ දැඩි අව් රශ්මිය හා වියලි කාළගුණයෙන් ආරක්ශා කරමින් ප්‍රදේශවාසීන්ට සෙවන හා සිසිලස සපයමින් සිටී..        

එමෙන්ම පුදබිමට පැමිණෙන බැතිමතුන් දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා කරන පුදබිම ආශ්‍රිතව ඇති රූස්ස කුඹුක් හා මී ගස් පුදබිමේ ශාන්තබව කියාපාන ඍෂිවරුන් වැනිය……

පසුගිය දිනක හිටි අඩියේම එම දැවැන්ත, රූස්ස ගස් කපාදමා විනාශ කර ඇත්තේ හෙළිකොප්ටර් ගොඩ බස්නා අංගනයට බාදාවන බව පවසමිනි…..            

එහෙත් ප්‍රදේශ වාසීන් පවසන්නේ වසර කීපයක් තිස්සේ කිසිඳු බාදාවකින් තොරව හෙලිකොප්ටර් ගොඩබස්සවන බවත්, වසර 150ක 200කට වැඩි කළක් තිස්සේ පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සෙවන සලසන දැවැන්ත වෘක්ෂයන් මෙසේ කපා විනාශකොට එහි අතු කැබලි  මැණික් ගගට අක්‍රමවත් ලෙස බැහැර කරලීම තුළ වතුර බැසයාමට බාදා ඇතිවී ඇති බවත් එහි ජලයද දූෂණ වී ඇති බවත්ය .

වැඩි දුරටත් පුදමිබට පැමිණෙන බැතිමතුන් හා ව්‍යාපාරිකයින් පවසන්නේ සොභාදහමට මෙසේ හානිකිරීමෙන් අවසානයේ සොභාදහම විසින් ජනතාවට දඬුවම් ලබාදෙන බවයි….

මේ මොහොතවන විටත් දැඩි වියලි කාළගුණයක් පවතින කතරගම ප්‍රදේශයේ භූ ජල මට්ටම පව සීඝ්‍රයෙන් පහල යමින් ඇත….

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ,ඉතාලිය.

 

{gallery}kataragama{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න