බැසිල්ගේ ශ්‍රිලනිපය එළවන මෙහෙයුමත් ඇරඹේ : අලුත්ම ගෝලයා කරළියේ !

බැසිල්ගේ ශ්‍රිලනිපය එළවන මෙහෙයුමත් ඇරඹේ  : අලුත්ම ගෝලයා කරළියේ !

බැසිල් රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ  කිසිදු තනතුරක් නොලැබුණු මන්ත්‍රීවරුන් යොදවා එම කඳවුරේම සිටින නමුත් තමන්ට තර්ජනයක් යැයි සිතන පාර්ශව වෙත දැඩි වාග් ප්‍රහාර එල්ල කරවමින් සිටින අතර මේ වන විට එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්වාම ව්‍යාප්ත කර ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගියදා ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා එම කටයුත්ත ආරම්භ කර තිබේ.

ඒ වෙනුවෙන් වන සෘජු උපදෙස් නෙලුම් මාවතේ පිහිටි කාර්‍යාලයෙන් ලැබෙන බවත් ඊට අගමැති මහින්ද රාජපක්ෂ හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වත් කිසිදු  මැදිහත්වීමක් නොකරන බවත් වාර්තා වෙයි.

ඒ අනුව පසුගියදා තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ශ්‍රිලනිපට එරෙහි ප්‍රහාරය අලුත් වටයකින් ආරම්භ කර සිටියේ " ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැලේ වැල් නැතුව හතරගාතේ දාලා හිටියේ, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නෙලුම් මාවත පොහොට්ටු කාර්‍යාලයට ගිහිල්ලා වැඳ වැඳ නාමයෝජනා ඉල්ලුවේ" කියමින්ය.

තමන් එතැන සිටි නිසා මේ බව කියන බව සඳහන් කළ මන්ත්‍රීවරයා පොහොට්ටු ජන්දයෙන් තමන්ගේ මනාප අංකයට මනාපයක් ගස්සවගෙන අද ශ්‍රිලනිප සමහරු කෑගහන බවත් පැවසීය.

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරේ හැටියට ඕන කතා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇවිල්ලා ජනාධිපතිට , අගමැතිට උපදෙස් දෙන්න අවශ්‍ය නෑ. ඒ නිසා ශ්‍රිලනිප මහත්වරු ටික ශ්‍රිලනිප වැඩ ටික බලාගන්න. පොහොට්ටුවේ වැඩ ටික අපි බලාගන්නම්" යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න