කොතලාවල පනත යළිත් ගෙනෙයි… පේරාදෙණියේ සිසූහු විරෝධතාවයේ..

කොතලාවල පනත යළිත් ගෙනෙයි… පේරාදෙණියේ සිසූහු විරෝධතාවයේ..

නිදහස් අධ්‍යාපනය මිලිටරීකරණයට රනිල් + මෛත්‍රී හවුල් ආණ්ඩුව ගෙන ආ “කොතලාවල පනත” නැවත වටයකින් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (21) ගලහ මංසන්ධියේදී විරෝධතාවයක නිරත වූහ.

මෙම පනත හරහා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඍජු ලෙසම මිලිටරීකරණයට ලක් කරන බවත් නිදහස් අධ්‍යයාපනයත් අධ්‍යයාපනයේ නිදහසත් අමුඅමුවේ විනාශ කර ඇති බවත් එම සිසූහු අවධාරණය කරති.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත කුණු කූඩයට විසි කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල හමුදා කදවුරු බවට පරිවර්තනය කරන මෙම නව පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව මේ මොහොතේ සූදානමින් සිටින බවත් පෞද්ගලික උපාධි කඩවලට නෛතිකභාවයක් මෙන්ම ඒවා මගින් පිරිනමන උපාධිවලට පිළිගැනීමක් ලබා දීමටද මේ හරහා ඉඩ සලසා ඇති බවත් ඔවූහු පෙන්වා දෙති.

මෙම පනත පිළිබඳව හා එය පරාජය කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව සටන් කරන බවත් එම සිසූහු අවධාරණය කරති.

DSC 0455

DSC 0517

DSC 0546

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න