CID හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

CID හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර  ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

 ඔවුන්ට එරෙහි නඩුව අද පෙරවරුවේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න  හමුවේ කැඳවිණි.

හිටපු  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර  ඇතුළු පිරිසට චෝදනා එල්ලවී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු සෙසු සැකකරුවන් වන්නේ , ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අයයි.

නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් අධිකරණයේදී කිසිවක් සඳහන් වී නොමැත.

මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවලට අදාළ , පරීක්ෂණ ගොනුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය.

සිව් වැනි සැකකරු ලෙස නම් කර සිටින නවරත්න ප්‍රේමතිලක ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති නිසා ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බව ද ප්‍රකාශ විය.

සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කර සැකකරුවන් තිදෙනා ලබන පස් වැනිදාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න