චීන තෑගි එයි : කිසිම අවසරයක් නැතුව උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය නැවක් හම්බන්තොට !

චීන තෑගි එයි : කිසිම අවසරයක් නැතුව උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය නැවක් හම්බන්තොට !

හම්බන්තොට වරායට පැමිණ ඇතැයි, කියන චීනය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනිික ද්‍රව්‍ය පැවති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත්  පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු බවයි.

නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇතිවු බව කියන යාන්ත්‍රික දෝශයක් නිසා නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇතැයි ඔහු කියා සිටියේ ය.

නමුත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි ලබාදී නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් පැවසී ය. මේ අනුව නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස , ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම්දී තිබේ.

හම්බන්තොට වරායට පැමිණ ඇතැයි කියන නෞකාවක් පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.

විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ, නාවික හමුදාවට හෝ අදාළ නැව අධීකෂණය කිරීම සඳහා ඇතුළු වීමට අවසර දී නෙමැති බවයි.

”කරුණාකර මේ කාරණාව ගැන සොයා බලා හම්බන්තොට වරායට ආපු මේ විදේශීය නැව ඇත්ත වශයෙන්ම විකිරණශිලි ද්‍රව්‍ය රැගෙන ආව ද? පරමාණුක බලශක්ති අධිකාරියේ තොරතුරු අනුව මේක සත්‍යයක් ද? අසත්‍යයක් දැයි සොයා බලා රට ගැන සිතා මෙවැනි නැවක් එලෙස පැමිණියේ නම්, වහාම පිටමං කිරීමට කටයුතු කරන්න..”

මූලාශ්‍රය -  news 1st

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න