රිෂාඩ් නිදහස් කරනු : වව්නියාවේ විරෝධතා ඇරඹේ !

රිෂාඩ් නිදහස් කරනු : වව්නියාවේ විරෝධතා ඇරඹේ !

ප්‍රජාතන්ත්‍ර විරෝධීව අත්අඩංගුවට ගෙන ඇති, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් , වහා නිදහස් කරන ලෙස බල කරමින් ජනතා විරෝධතාවක් අද (28) වව්නියාවේදී පැවැත්වින. කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණ පැළැඳ, දුරස්ථභාවය ආරක්ෂා කරමින් එම විරෝධතාව පැවැත්විණ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, පළිගැනීම සඳහා කළ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමක් බවත්, විරෝධතාකරුවෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නොමැති බවට තහවුරු වී තිබියදී, විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන වුවමනාවක් ඉටු කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ජනතාවට සේවය කිරීමට කැපවී සිටින මෙවැනි ජනතාවාදී නායකයන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටකට නොගැලපෙන බවද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

විරෝධතාවය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින්, විරෝධතාවය නතර කරන ලෙස දැන්වීම හේතුවෙන් විරෝධතාව අතරමග නතර කර දැමීමට විරෝධතාකරුවන්ට සිදුවූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න