කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය සෞඛ්‍ය අංශ වෙත ලබා දෙයි

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය සෞඛ්‍ය අංශ වෙත ලබා දෙයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කර තිබේ.

ඒ අනුව කොළඹ 10, ඩාර්ලි පාර ප්‍රජා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය ආමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. එන්නත ලබා දීමට ප්‍රථම ඊයේ (27) දිනයේ දී SMS පණිවුඩයක් හරහා සෞඛ්‍ය අංශ නිලධාරීන්ට එන්නත් ලබා ගැනීම සඳහා පැමිණිය යුතු ස්ථානය හා වේලාවන් දැනුම් දී තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය දිනූකා ගුරුගේ  පැවසුවේ කොළඹ 10, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ඩාර්ලිපාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ නිව් බසාර් මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල 800 කට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි. එමෙන්ම පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවා ද යන්න සොයාබැලීම සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදු කරන පරීක්ෂණ කටයුතු සදහා රුධිර සාම්පල ලබාගැනිමද මෙහිදී සිදු කරන බව ද පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න