නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත්කිරීමේ තීන්දුවක් !

නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත්කිරීමේ තීන්දුවක් !

රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

රාජ්‍ය ආමාත්‍යවරිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත  සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් එය සිදු කරන බවය.

එවැනි තත්ත්වයක් යටතේ විදේශවල සිට මෙරටට පැමිණෙන පිරිස ද සීමා කිරීමට සිදු වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කර කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද තීරණය කළ බවද  රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න