ගම්පහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරෙයි : ආසාදිතයන් නිවෙස් වල !

ගම්පහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරෙයි : ආසාදිතයන් නිවෙස් වල !

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 15 කින් හමුවූ කොරෝනා රෝගින් 185 ක් දින 4 ක් තිස්සේ නිවෙස් තුලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම පිරී ඉතිරිගොස් ඇති නිසා මෙම රෝගින්ව මෙලෙස නිවෙස් තුලම තබා ඇති අතර මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බවත්  මෙම අනාරක්ෂිත තත්වය රෝගීන්ගේ ජීවිතාරක්ෂාවට මෙන්ම වෛරසය පැතිර යාමටද දැඩි ලෙස බලපෑ හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කරමින් ඇති බවත් එය කඩිනමින් අලුත් වැඩියා කර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බවත්ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න