කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණය සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදිය.
ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 68 දෙනකුට එම පැණිය ලබාදී නිරීක්ෂණය කර ඇත. එහෙත් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සේනක පිලපිටිය ප්‍රකාශ කළේය.
වතුපිටිවල මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ලබාදීමේදී 100% ප්‍රතිඵල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මිට පෙර නිවේදනය කළේය.
සියලු පරීක්ෂණ වාර්තා රජරට විශ්වවිද්‍යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවට යොමුකර ඇත.විද්වත් කමිටුව පසුගිය බදාදා (28දා) රැස්වී මේ පිළිබඳ අධ්‍යයනය කර ඇති අතර, එය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් විද්වත් කමිටු නිර්දේශය රජරට විශ්වවිද්‍යාලයට යොමු කිරීමෙන් පසු ස්ථිර වාර්තාවක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතය.
කොවිඩ් රෝගීන් 100%ක් සුව වන බව ප්‍රකාශ කරමින් සකස් කළ මෙම පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල ජන කොට්ඨාසයක් ලබාගැනීමත් සමග සායනික පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කළේය.
කෙසේ වෙතත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුවද අනුමැතිය ලබාදී ඇත.
මෙම පුවත අරුණ පුවත්පතින් උපුටාගත් අතර අප මේ ගැන ඉතා කෙටියෙන් කියන්නේ "හෙළ පැණි" ගැන ජවුසම් නැටූ සමයේ විදෙස් රටවල නිෂ්පාදිත එන්නත් ඇණවුම් කිරීමට වෙහෙසෙනා නම් අද රට මෙතැන නැති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
