voice tube නාලිකාවේ කතුවරිය වන තුෂාරා සෙව්වන්දි විතානගේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
ඒ voice tube නාලිකාවේ පලකළ වීඩියෝවක් සම්බන්ධව ප්‍රකාශයක් ගැනීමට බව කියමින්ය.
එම කැඳවීම අනුව අද (09) මීට සුළු මොහොතකට පෙර ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට ගොස් තිබේ.
අදාළ වීඩියෝව කෝවිඩ් 19- සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය සම්බන්ධයෙන් 'සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ' ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක්ය.
ඔහු එය පවත්වනු ලැබුවේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් ලෙසය. voice tube කතුවරිය කැඳවා ඇත්තේ අදාළ වීඩියෝව තම නාලිකාව ඔස්සේ විකාශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා බව කියමින්ය.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
