තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 23ක් අද(28) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවේ ය.
ඒ, චීනයේ බෙයිජින් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ය.
ඒ අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට හමුදාවට පරිත්‍යාග කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් ද වේ.
එම එන්නත් භාර ගැනීමේ අවස්ථාවට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
