සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් කොරෝනා ආසාදිතයන් බවට පත් වීම වැළැක්වීම සඳහා සහ පුරවැසියන්ගේ පරීක්ෂණ අයිතිය තවුරු කිරීමට පී.සී.ආර්. සහ ආර්.ඒ .ටී. ඇතුළු කොරෝනා පරීක්ෂණ පහසුකම් රෝහල් බහිර රෝගී අංශයට ලබා දෙන්න ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
අදාළ ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති අතර ඒ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් විසිනි.
රෝගියෙකු රෝහලට ඇතුලුවීමේදී බාහිර රෝගී අංශය තුළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම ඇති කිරීම මගින් සෞඛ්‍ය සේවකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්වීම වැළැක්වීම මෙන්ම වසංගතය පැතිරයෑම වැළැක්වීම ද සිදුවන බවත් අදාළ ලිපියේ අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
