කළකිරීම ප්‍රසිද්ධියේ කියමින් මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි !

කළකිරීම ප්‍රසිද්ධියේ කියමින් මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි !

ඉකුත් සතියේ මෙන්ම ආසන්න දිනවල සිදුවූ සිත් රිදවන සිදුවීම් සහ කරුණු නිසා තමන් සැලසුම් කළ දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය  ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් අද (10) ප්‍රකාශ කළේ ය.

ලබන මාසයට යෙදී තිබෙන තම 80 වැනි ඡන්ම දිනයේ දී විශ්‍රාම යෑමට කලින් සැලසුම් කරගෙන සිටියද පසුගිය සතියත් දින දහයත් අතර කාලයේ දී සිදු වූ සිත් රිදවන සිදුවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව සති හයකින් පමණ ඉක්මන් කළ බව දේශමාන්‍ය මහාචාර්ය  ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පැවැසීය.

මහ බැංකුවේ අධිපතිවරයා මේ අදහස් දක්වා සිටියේ සිය විශ්‍රාම යෑම දැනුම් දීම වෙනුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) පැවැති මාධ්‍ය හමුව අමතමිණි.

මේ අනුව ලබන සතියේ 14 වැනි දා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය  ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මෙම මාධ්‍ය හමුවේ දී පැවැසීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් එහිදී පැවැසීය.

මා අධිපති ධුරයේ වැඩ බාරගත් සතියකට දෙකක‌‌ට පමණ පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාරගන්නැයි තමන්ට මහත් විස්මයක් ගෙන දුන් බවත් එය කිසිසේත් අපේක්ෂා නොකළ එකක් බව ද හෙතෙම කීවේ ය.

මීට පෙර තමන්, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය දරන සමයේ දී සිටි වකවානුවේ දී එනම් 2004 වසරේ දී තමන්ගෙන් කළ ඉල්ලීම ද තමන් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කීය.

මෙවර කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී වසරකටවත් එම ධුරය බාරගෙන ප්‍රතිපත්ති සකසන ලෙසත් තමන් ද සහාය දුන් ආණ්ඩුවට මතවාදී ව සහාය දෙන්නැයි කළ ඉල්ලීම ද සලකා බලමින් තමන් එම ඉල්ලීම බාරගත් බවත් ද හෙතෙම පැවැසීය.

එම ඉල්ලීම බාරගෙන මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරයේ කටයුතු කළ බවත් තමන් නිවැරැදි යැයි විශ්වාස කරන ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කළ බවත් තමන් ධුරයේ කටයුතු කළ සමයේ ගත් කිසිදු තීරණයක් හෘදය සාක්ෂියට විරුද්ධව ගෙන නැති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න