යුගදනවිය ඇමරිකාවට දුන්නට : මණ්ඩලේ කචල් - වෙනම රැස්වෙයි !

යුගදනවිය ඇමරිකාවට දුන්නට : මණ්ඩලේ කචල් - වෙනම රැස්වෙයි !

ආණ්ඩුවේ බැසිල් විරෝධී සහ බැසිල් පාර්ශ්වය අතර යළිත් අභ්‍යන්තර ගැටුම ඉස්මතුව ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කෙරවලපිටිය යුගදනවී බලාගාරය ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීම ඊට හේතුව වී තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ නමුත් එය යළි විමසීමකට සහ සංශෝධනය කිරීමට නියමිතව තිබී ඇත.

නමුත් ගිවිසුම අත්සන් කර ඇත්තේ නිසි නිර්දේශ ලබානොගෙන බව බැසිල් විරෝධී පාර්ශ්වයෙ අදහස වී තිබේ.

මේ අනුව යුගදනවි බලාගාරයේ 40%ක කොටස් අමෙරිකාවට පැවරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නියෝජිතයන් කොළඹ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ හමුවී සාකච්ජාවක නිරත වී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ජාවට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ ඇතුලු පිරිසක් සහභාගී වී ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා ලංකාවට පැමිණි විගස මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටත්, අගමැතිවරයා සමග සාකච්ජාවක් පැවැත්වීමටත් තීන්දු වී ඇත.

මෙහිදී දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් විය යුතු බවට යෝජනා වු බවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතී.

කෙසේ වුවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ මොහොතේ අදාළ පාර්ශ්ව ආණ්ඩුවෙන් ඉවත්වීමක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බවයි.

කෙසේ වුවත් ඉදිරි ප්‍රධාන මැතිවරණයක් අවස්ථාවේ ආණ්ඩුවේ බරපතළ බෙදීමක් සිදුවීමේ වැඩි ඉඩක් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න