ක්‍රිකට් කතා රෝහිත ප්‍රතිකේෂ්ප කරයි !

ක්‍රිකට් කතා රෝහිත ප්‍රතිකේෂ්ප කරයි !

තමන් ක්‍රිකට් පරිපාලනයට පැමිණීමට සූදානමින් සිටින බව සහ එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට සිටින බවටත් පළවූ පුවත් අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් රෝහිත රාජපක්ෂ සදහන් කරයි.

රෝහිත රාජපක්ෂ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

විශ්වාසදායක ප්‍රවෘත්ති ආයතන බොහොමයක් මගේ නම සඳහන් කරමින් සහ රටේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවට සඳහන් කර තිබෙනු දැකීමෙන් මම දැඩි කලකිරීමට පත්විය. එළඹෙන එල්පීඑල් හි ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වන බව සමහර ප්‍රවෘත්ති වෙබ් අඩවි ද පවසා ඇත.

මට ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට අදහසක් නැති අතර එල්පීඑල් සඳහා ක්‍රීඩා කිරීමේ අදහසක් ද නැත.

මම කිසියම් ක්‍රීඩාවක් කරනවා නම් මම මගේ 100% ක් ලබා දෙන අතර ඒ මම ක්‍රීඩාවට කැමති නිසා පමණි. මම මේ මස 30 සහ 31 දෙදින රග්බි සත් සාමාජික තරඟාවලිය සඳහා දැනට සූදානම් වන අතර දැනට මම අපේ පැරණි තෝමියන් කණ්ඩායම සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමි.

මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළ මාධ්‍ය මා සම්බන්ධ කර නොගැනීම ගැන මම බෙහෙවින් කලකිරීමට පත්වන අතර ව්‍යාජ ප්‍රවෘත්ති ගෙන එන අයගෙන් ඒ අයගේ ගෞරවය ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස මම අවධාරණය කරමි.

රෝහිත රාජපක්ෂ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න