ගොවීන් කරන චෝදනා අසාධාරණයි : මහින්දානන්ද කියයි !

ගොවීන් කරන චෝදනා අසාධාරණයි : මහින්දානන්ද කියයි !

මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“මහ කන්නයේ අපි දෙගොල්ලටම වැරදුණ තැන් තියෙනවා.ඒ වැරදුණ තැන් හදාගෙන ⁣යල කන්නයේදී කාබනික වගාව සාර්ථක කර ගන්න අපි සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කරන්න ඕන. රජය හාල් ආනයනය කරන්න තීරණය කර තිබෙනවා. මෙරටට සහල් ආනයනය කරනවාට මම පෞද්ගලිකව කැමති නෑ. වෙළඳපොළේ හාල් මිල පාලනය කරන්න මෙවැනි පියවර ගැනී⁣මෙන්⁣ ගොවියාට වීවලට ලැබෙන මිල අඩු වෙන්න පුළුවන්. ඒක වලක්වා ගන්න තමයි රජය මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 75ක් ගෙවන්න තීරණය කර තිබෙන්නේ. රුපියල් පනහට තිබුණ වී මිල රුපියල් 75 දක්වා වැඩි කර ගොවියාට මහ කන්නයේ සිදුව ඇති අලාබයට වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවන්න රජය පියවර ගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා කිවේය.

මෙම සාකච්ඡාවට දිවයින පුරා දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ජාතික ගොවි බල මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී වී සිටියහ. මෙහිදී මහ කන්නයේ වී අස්වැන්න පිළිබඳව අදහස් විමසීමේදී සමස්තයක් ලෙස 40% – 50% අතර ප්‍රමාණයෙන් වී අස්වැන්න අඩු විය හැකි බව ගොවි සංවිධාන නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ඒ අනුව වුවද මාස හයකට ප්‍රමාණවත් සහල් මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න