Language Switcher

V2025

විශ්වාස භංගය ගැන බැසිල්වාදීන්ගේ ස්ථාවරය මෙන්න !

වහාම මහ මැතිවරණයක් කරා ආණ්ඩුව තල්ලු කිරීම අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණ විය යුතු යයි බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන න්‍යාචාර්යවරුන්  අවධාරණය කර සිටියි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 'පොහොට්ටුවේ' ජයග්‍රහණයට මාවත සැකසීමට දේශපාලන උපාය උපක්‍රම තීන්දු කරනු ලැබුවේ මෙම කණ්ඩායමයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස සැලකෙන පේරාදේනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය චරිත හේරත් මහතා, විශ්වාස භංගය සම්බන්ධයෙන් 'ලංකාදීප' පුවත්පතට යොමුකර ඇති විශේෂ ලිපියක සඳහන් වන්නේ, විශ්වාසභංගයෙන් ලැබිය යුතු ජයග්‍රහනය වන්නේ මහ මැතිවරණයක් ලබා ගැනීමේ සටනට ශක්තියක් ලබා ගැනීම බවයි.

''රනිල් ඉවත් කිරීමෙන් ලැබිය හැකි ජයග්‍රනයන් රටේ පැත්තෙන් වඩාත් පළදයක වන්නේ රනිල් නොවන අලුත් අගමැකි යටතේ ඉක්මන් ජන්දයක් ලබා ගැනීමේ එකගතාවයක්වත් ගොඩනගා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට හැකියාව ලැබුනෝතින් පමණක් ය. '' යයි ඔහු පෙන්වා දෙයි.

ආචාර්ය චරිත හේරත් මහතාගේ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

පෙහොට්ටුවේ පාක්ෂිකයින්ගේ අභිලාෂයන්:

''ඒකාබද්ධයේ අය මේ මොහොතේ සිතිය යුත්තේ එලියේ සමාජයේ පොරකමින් තමන්ට සහයෝගය පළකරන පෙහොට්ටුවේ පාක්ෂිකයින්ගේ අභිලාෂයන් හොදට කිරා මැන බැලීමෙන් පසුව බවය.

මට තේරෙන දේශපාලනයට අනුව නම් අපේ පාක්ෂිකයින් රනිල්ට වගේම රනිල්ගේ කැබිනට් එකේ ඇමතිකම් දරන ශ්‍රී ලනීපයේ කණ්ඩායමටත් එකවගේම විරුද්ධය.

ඒ අර්ථයෙන් නිමල් සිරිපාල අගමැති කිරීමෙන් හෝ කරු ජයසූරිය අගමැති කිරීමෙන් පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ අභිලාෂයට කිසිදු පිලිගැනීමක් ලැබෙන්නේ නැත...

mr rw

''පොහොට්ටුවට (ඒකාබද්ධයට) වඩාත් වැදගත් වන්නේ ජනාධිපතිවරණය නොව එයට පෙර මහ මැතිවරණයක් කැදවා ගැනීමය. ''

 අනෙක් අතට එජාපයේ නිල නායකත්වයත් (රනිල්) සහ පොහොට්ටුවේ නොනිල නායකත්වය (මහින්ද) එළියේ තියාගෙන ආණ්ඩුවක් කිරීම මේ පාර්ලිමේන්තුවේ යථාර්ථයක් වන්නේ පරිවාස කාලයකට පමණක්ම බව තේරුම් ගැනීමත් මෙතැනදි ඉතාමත් වැදගත්ය.

එසේ නොවන්නේ යැයි කියන්නෝ කරන්නේ දේශපාලන විහිලූ සැපයීම පමණක් බව මගේ අදහසය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මීලගට යෙදෙන ජාතික මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයක් බව කවුරුත් දන්නා කාරණයක්ය.

එහෙත් පොහොට්ටුවට (ඒකාබද්ධයට) වඩාත් වැදගත් වන්නේ ඒ පටිපාටයේ තියෙන ජනාධිපතිවරණය නොව එයට පෙර මහ මැතිවරණයක් කැදවා ගැනීමය.

අනෙක් අතින් ශ්‍රී ලනීපයේ දැන් ඉන්න ඇමතිවරුන්ට කෙසේ වෙතත් මෛත්‍රී ජනාධිපතිතුමන් වුවත් කෙළින්ම ජනාධිපතිවරණයකට ගමන් කිරිමට නොව මහ මැතිවරණයකට පසුව එන ජනාධිපතිවරණයකට මුහුණදිමට කැමති විය හැකි බව මගේ අදහසය.

දේශපාලනය න්‍යාය පත්‍රය:

මහින්ද ජනාධිපතිතුමන්ගේ පැත්තෙන් සහ පොහොට්ටුවේ පාක්ෂිකයින්ගේ පැත්තෙන් නම් දේශපාලනය න්‍යාය පත්‍රයේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් තිබෙන්නේ මහ මැතිවරණයක් දක්වා බලවේග මෙහෙයවීමය.

ඒ සදහා ව්‍යවස්ථාවේ ඉඩක් නැතැයි කියා කල් මැරිමෙන් සිදුවෙන දේශපාලන යහපතක් නැත.

ඒ සදහා ව්‍යවස්ථාවේ ඇති ඉඩ පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් හරහා මෙ වැඬේ කරන්නට දේශපාලනමය මැදිහත්වීමක් කිරීම අත්‍යාවශ්‍යය.

කුප්‍රකට 19 සංශෝධනයට සම්මත වූ ආකාරය :

 අද මුලු රටම අක්‍රිය කරන කුප්‍රකට 19 ව්‍යවස්ථා සංශෝධනයට පාර්ල්මේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගත්තේ ඒ ආන්ඩුවේ අගමැතිට හෝ ජනාධිපතිට තුනෙන් දෙකක ජනවරමක් පාර්ලිමේන්තුවේ තිබී නොවන බව අපගේ මතකයේ තබා ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය.

බලවේග මෙහෙයවන ආකාරයට අනුව මිස නිශ්චිතව තියෙන තුනෙන් දෙකක ජනවරමක් මේ කාලයේ කාටවත් ලැබෙන්නේ නැත.

සෝභිත හිමිගේ කුඩා බලවේගය දෙතුන් සියයක ජනතාවක් සමග පාර්ලිමේන්තු වට රවුමේ සිටියා පමණය. නැති තුනෙන් දෙකක් පාරලිමේන්තුව ඇතුළේ අපුරුවට ගොඩ නැගුනේය.

ඒ නිසා මේ විශ්වාසභංගය ජයගන්නේ නම් ඒ ජයග්‍රහනයෙන් ජනතාවට ලබා දිය යුතු කොටස වන්නේ ඒ අයගේ කැමැත්තට ගැලපෙන ආණ්ඩුවක් හා අගමැතිවරයෙක් තෝරා ගැනීමට ඉඩ ලබා දිමය.

ශ්‍රීලනීපයේ සහාය නොලැබී යාමේ අවධානම !

මේ එකක්වත් වෙන්නේ නැතිව මේ විශ්වාසභංගය පරාජයට පත්වී හෝ අවසාන මෙහොතේ ශ්‍රී ලනීපයේ සහාය නොලැබී යාමේ ඉඩක්ද මේ තුළ තිබෙන බව අපි අමතක කළ යුතු නැත.

එවැනි තත්වයක් නිසා නැවත වරක් රනිල්ගේ එජාපයත් ජනාධිපතිතුමන්ගේ ශ්‍රී ලනීපයත් අතර භංගවී ඇති විශ්වාසය අලූතින් හදගැනීමටද ඒ අය මෙය පාවිච්චි කරන්නට ඉඩ ඇත.

එවැනි දෙයකට ‘පාවිච්චිවීමට’ හෝ යන එනමං නැතිව සිටින ශ්‍රී ලනීපයේ නායකයෝ කීපදෙනෙකු යලිත් අපේ ජන්දයෙන් පාර්ලිමේන්තු යැවිමකට මේ විශ්වාසභංගය යොද ගැනීමේ කිසිදු ඉඩක් අපි දිය යුතු නැත.

අවසාන වශයෙන් කිව යුත්තේ ‘දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා’ කියා කීවාක් මෙන් කොහේවත් නැති විශ්‍වාසභංගයක් නිසා ඒකාබද්ධය හා පොදුජන පක්ෂය සතු ජනතා ශක්තිය බිම දැමිය යුතු නැති බවය.

අපේ සටන විය යුත්තේ කුමක්ද ?

අපේ සටන ඇත්තේ මේ ආණ්ඩුව ගෙදර යැවීමට මිස ඒ වැඩෙන් ‘එක කෑල්ලක් ගලවන්නට ගොස් අපේ ලොකු කෑල්ලක් ගලවා ගැනීමට’ නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.

මේ විශ්වාසභංගය යනු දිනේශ් විමල් වාසු උදය ඩලස් වැනි ඒකාබද්ධයේ නායකයින් සහ බැසිල් රාජපක්ෂ වැනි පොදුජන පක්ෂයේ නායකියන් කරන අවසාන සටන නොවිය යුතු බව කියන්නේ ඒ සියලූ දෙනාගේ මැදිහත් විම්වලට ගරු කිරිමක් ද වශයෙනි.

- ආචාර්ය චරිත හේරත්ගේ සම්පුර්ණ ලිපිය මෙතනින්

පාර හරිද? - - ආචාර්ය චරිත හේරත්ගේ විග්‍රහයක්