විශ්වාසභංගයට මුහුණ දෙන්න හෙට (29) එජාපයේ විශේෂ සාකච්ඡා දෙකක්

විශ්වාසභංගයට මුහුණ දෙන්න හෙට (29) එජාපයේ විශේෂ සාකච්ඡා දෙකක්

එක්සත් ජාතික පක්ෂ කෘත්යා‍ධිකාරී මණ්ඩල රැස්වීම හෙට (29) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ නායක හමුවක්

මේ අතර අග්‍රාමාත‍්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්ෂවල නායකයින් හෙට (29) රැස්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

හෙට එනම් 29 වනදා පස්වරු 04.00 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවත් එහිදීද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

එජාප මැති ඇමතිලාට විදෙස් ගමන් තහනමක්

එසේම මේ වන විට එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින සියළුදෙනා විදෙස් සංචාර වල යෙදීමෙන් වළකින ලෙස පක්ෂ නායකත්වය දැනුම්දී ඇත. එළඹෙන අප්‍රේල් 4 විශ්වාසභංගය අවසන් වන තුරු එම නියෝගය බලපවත්වා ඇති බවත් තම සියළු බලය යොදවා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම එහි අපේක්ෂාව බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න