පොහොසත් රටක් වෙනුවෙන් මාධ්‍ය සංස්කෘතියකට මංගල වැඩ අල්ලයි

පොහොසත් රටක් වෙනුවෙන් මාධ්‍ය සංස්කෘතියකට මංගල වැඩ අල්ලයි

යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට සහ සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා මාධ්‍යවේදීන් පෙළඹවීම අරමුණු කොටගනිමින් ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ ඊයේ (27) පැවති කැබිනට් හමුවේදී අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර ඇති අතර මාධ්‍යවේදීන්ගේ බහුවිධ දක්ෂතා හා සුවිශේෂ නිපුණතාවන් හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කිරීමටත්, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා නිසි මඟපෙන්වීම් ලබා දෙමින් ඔවුන් අභිප්‍රේරණය කිරීමටත් මේ හරහා අපේක්ෂිතය.

ඒ අනුව, ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් විසින් ඉටු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් 2018 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට නියමිතව ඇත.

වාර්තා වන ආකාරයට එහිදී රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් සහ වෙබ් අඩවි යන ප්‍රධාන මාධ්‍ය ආවරණය වන ආකාරයට මෙම සම්මාන ප්‍රධානය සැළසුම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න