ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල පත්කර ඇති බවත් වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර ඇති අතර, එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ඇත .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සදහා අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිත බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
