කොහෙත්ම ජනවාරි 08 ජනවරමට පිටුපාන්න බෑ - ඇමති දුමින්ද

කොහෙත්ම ජනවාරි 08 ජනවරමට පිටුපාන්න බෑ - ඇමති දුමින්ද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල ස්ථාවරයක් නැතත් කිසිසේත් එය 2015 ජනවාරි 08 ජනවරමට පිටුපාන තීන්දුවක් විය නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.

එසේම අතිගරු ජනාධිපතිවරයාව බලයට ගෙන ඒමට සහයදුන් සහ පරිත්‍යාග කරමින් පැමිණිඅයෙකු ලෙස ජනාධිපතිවරයාගේ අනාගතයත් පක්ෂයේ අනාගතයත් ගැන වගකීමක් ඇති බවත් මොනම කාරණයක් මත පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිප ය ප්‍රමුඛ සන්ධානයට ජන්දය දුන් දාහත් ලක්ෂයක ජනතාවද අමතක කල නොහැකි බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තේරීපත්වූ පළාත් පාලන නියෝජිතයන්ගේ දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කිහිප දෙනෙක් තැන තැන කියන කතා පක්ෂයේ අදහස නොවන බවත් පක්ෂය ගතයුතු තීන්දු තීරණ කතාකළ යුතුව තිබෙන්නේ පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න