පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ත්‍රිවිධ හමුදාවට අද (10) පස්වරුවේ නියෝග කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාළ නියෝගය නිකුත්කර ඇත .
දින 30 කට අධික කාලයක් නිර්පාක්ෂික සාමකාමී අයුරින් පැවති ගෝල්ෆේස්, අරලිය ගහ මන්දිරය අසල සහ දීප ව්‍යාප්ත විරෝධතා එක් මොහොතකින් ප්‍රචණ්ඩත්වයට ඇද දැමීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් සංවිධානාත්මක ලෙස කටයුතු කළ බව දේශපාලන විචාරකයන් මෙන්ම නීතිඥ සංගම් ද චෝදනා කරයි.
කෙසේ වුවත් මේ වන විට සිවිල් සංවිධාන , සමාජ ක්‍රියාකාරීන් , දේශපාලන පක්ෂ පොදුජනතාව වෙතින් ඉල්ලන්නේ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට සහ සාමකාමී අරගලය ඉදිරියට ගැනීමය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
