නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50 කට අධික කාලයක් සැරිසැරූ "බරණ" නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
නාමල් උයන රක්ෂිතය ඉදිරිපිට වන ලැහැබ්ක වැටී මියගොස් සිටි බරණ නමැති ඇතාගේ මළ සිරුර ප්‍රදේශ්වාසීන් සොයාගෙන ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට දැනුවත් කොට තිබිණි.
බරණ නැමති මෙම ඇතාගේ සොඬයේ පිලිස්සුණු තුවාල කිහිපයක් දක්නට තිබෙන බවත් කිසියම් පිරිසක් මෙම ඇතා ගේ ජීවිතය විනාශ කළ බව ප්‍රදේශවාසීහු සැක පළකරති .
වනජීවී නිලධාරීන් ඇතාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය අද වන දින පැවැත්වීමට නියමිතව තිබුණි.
එම ස්ථානයට වැඩම කළ නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියන් දැඩඩිව කියා සිටියේ මෙම ඇතාගෙන් කිසිදු අයකුට කිසිදු කරදරයක් නොවූ බවයි ,මෙම ඇතා සමග තවත් ඇතුන් දෙදෙනකු නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේ ගැවසුණු බවත් පෙන්වා දෙන උන්වහන්සේ වසර ගණනාවක සිට අලි මිනිස් ගැටුම සඳහා රාජ්‍ය නිලධාරී කටයුතු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවය.
lankadeepa


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
