Language Switcher

V2025

එජාප විශ්වාසභංගය ඉල්ලා අස් කරගන්නැයි අගමැතිගෙන් දැනුම්දීමක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස් කර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් හට විරුද්ධව මෙම විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් විසින් කථානායකවරයා වෙත අද පස්වරුවේ භාර දී ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා සිටිනුයේ අගමැතිට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනාට ‘‘6 කල්ලිය“ ට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිවම එම විශ්වාසභංග යෝජනාව භාර දුන් බවයි.