16 කණ්ඩායම සටනට : ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවතට !

16 කණ්ඩායම සටනට : ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවතට !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් හෙට (09) පැවැත්වෙන එම පක්ෂයේ මාධ්‍ය කාරක සභාවේදී පක්ෂයේ බලය අතට ගැනීමට මේවනවිට සැලසුම් කර තිබෙන බව අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉවත්වී වහාම ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත විය යුතු බවට යෝජනා කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව කෙසේ විය යුතුද යන්න සඳුදා (09) රාත්‍රී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.

ඒ සඳහා පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ද පැවසේ.

05දා රාත්‍රී අගමැතිවරයා සමග පැවති සාකච්ජාවකදී ජනාධිපතිවරයා පවසා තිබුනේ, තවදුරටත් ආණ්ඩුවේ ඉන්නවද ? නැද්ද ? යන තීරණය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවා තීරණය කරන බවයි.

ආණ්‌ඩුව නියෝජනය කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්‌නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා, එස්‌. බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් 04දා පැවති විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

 

තීරණය හෙට රාත්‍රී ?

 

විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලනිපය දෙකට බෙදී කණ්ඩායම් දෙකක් ලෙස ඡන්දය දීම, පක්ෂයේ තීන්දු තීරණවලට විරුද්ධව යෑමක් බැවින් සඳුදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ ප්‍රශ්නය ගැන උණුසුම් අදහස් දැක්වීමක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුව තුල කටයුතු කරන ආකාරය ගැන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කොට තීරණයකට එළැඹෙන බව පෙරේදා (06) ජනාධිපති මන්දිරයේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හා කර්තෘවරුන්ගේ හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න