විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නොහැකි වුවහොත් එදිනට සම්මුති ආණ්ඩුව අවසන් බවට තමන් පෙර සඳහන් කළ ප්‍රකාශයේ කිසිඳු වෙනසක් නොවන බවත් එළඹෙන 19දා පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් සියළු දෙනා අසුන් ගන්නේ විපෂයේ බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.
එසේම අද (9) පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරකසභාවේ ගන්නා තීරණ ඊට බලනොපාන බවත් ස්ථිර වශයෙන්ම එජාප-ශ‍්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුව අවසන් බවත් ඔහු දැඩිව අවධාරණය කර සිටියි.
මේ අතර අද පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරකසභාවේදී අතිශය තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට අපේක්ෂා කරන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින දේශපාලන වටපිටාව තුළ මැතිවරණ ජයග්‍රහණ ලබාගැනීමට ඉඩක් නොමැති බවට පක්ෂයේ බහුතරයක් දරන මතය බවත් ඊට ජයග්‍රහණ ලබා ගන්නට නම් කවර කොන්දේසි යටතේ හෝ මහින්ද රාජපක්ෂ පාර්ශවය සමඟ සම්බන්ධ වියයුතුය යන මතය පක්ෂ අභ්‍යන්තරයේ දැඩිව තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

