වෙල්නස්  විලේජ්" යටතේ  බියගමට අංග සම්පූර්ණ නව රෝහලක් !

වෙල්නස්  විලේජ්" යටතේ  බියගමට අංග සම්පූර්ණ නව රෝහලක් !

බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැංවෙන අතර “මෙඩිකල් ටුවරිසම්" ප්‍රවර්ධනය එහි ඉලක්කය වී තිබේ.

විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

රෝහලේ සැලැස්ම පිළිබඳ සොයා බැලූ රුවන් විජේවර්ධන මහතා ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කර රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් කේ.පී දයාරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20221027 WA0015

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න