සිරිසේනගෙන් අත ගැළවෙයි !

සිරිසේනගෙන් අත ගැළවෙයි !

ආණ්ඩුවෙන් එලියට ඇවිත් , විපක්ෂයේ ඉන්න අනුර යාපල ,ඊයේ සජිත් එක්ක සන්ධනගත වුනා විතරයි , ඔන්න ආණ්ඩුවේ ඉන්න, ශ්‍රීලංකා මැති ඇමතිවරු සෙට් එකම, ඊයේ හවස තමන්ගේ හිටපු නායිකාව හම්බවෙන්න ගිහින්..

'අතේ' අනාගතය ගැන කතා කරන්න.

ශ්‍රී ලංකා එකේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් , රාජ්‍ය අමාත්‍යවරුන් , ප්‍රධාන මන්ත්‍රීවරුන්, ඒ විදියට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හම්බවෙන්න ගිහින්, සැහෙන්න වෙලාවක් කතාබහ කරලා ..

හිටපු ජනාධිපතිනියගේ , කොළඹ නිදහස් මාවතේ නිල නිවසේ දී තමයි, ඔය කතාබහ තිබිලා තියෙන්නේ .

ඒ සාකච්ජාවේ දී වෙච්ච කතාබහ ගැන , තාම හරිහමන් විස්තරයක්, එලියට ඇවිත් නෑ .

ඒත්, ආරංචි හැටියට, මෛත්‍රීපාල පන්නල ශ්‍රී ලංකා එකේ බලය අතට ගන්නලු , යනවයි කියන්නේ..

තවත් සමහරු කියන්නේ , කුමාර වෙල්ගමගේ පක්ෂයට එකතුවෙන්න ලු, චන්ද්‍රිකා හම්බවෙන්න ගිහින් තියෙන්නේ ..

ඔය කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත්, චන්ද්‍රිකා ආයෙත් , ගේමට බැහැල තියන පාටක් පේන්න තියනවා.

''රට මුහුණ පා සිටින බරපතල ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධාන ම හේතුව වංචාව හා දූෂණය'' කියල චන්ද්‍රිකා , මේ ඊයේ පෙරේදා , ශෝෂල් මිඩියා එකට, වීඩියෝ එකකුත් , රිලීස් කරලා තිබුනා. චන්ද්‍රිකා ඒකෙ කියල තිබුන, සමහර දේවල් හරිම බරපතලයි..

''2005 වසරෙන් පසු, මහින්ද ‍රාජපක්ෂ ආණ්ඩු විසින්, අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය, දූෂණය සහ ගුණාත්මක බවෙන් සහ, ඵලදායිතාවයෙන් අඩු ව්‍යාපෘති ආදිය නිසා, රට ආර්ථික වශයෙන් බංකොලොත් වූනා'' කියලයි , චන්ද්‍රිකා කියන්නේ.

රට ගොඩ නැගීමට නම් , නිශ්චිත ආර්ථික සැලසුම් මෙන්ම , යහපාලන ක්‍රමවේදයන් ද අවශ්‍යයි කියලා , හිටපු ජනාධිපතිනිය අවධාරණය කරනවා.

දේශපාලන වාර්තාකරු

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න