මාලිමාවට හමුදා ජන්ද හදන්න ගිය විශ්‍රාමික එයාර් වයිස් මාෂල්ට වාරණයක් !

මාලිමාවට හමුදා ජන්ද හදන්න ගිය විශ්‍රාමික එයාර් වයිස් මාෂල්ට වාරණයක් !

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නමැති නිලධාරියා දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද පොලඹවන ආකාරයට විවිධ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ නිලධාරියා ගුවන් හමුදා පරිශ්‍රයන්ට ඇතුළු වීම වැළැක්වීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ විශ්‍රාමික නිලධාරියාට ගුවන් හමුදා කඳවුරක් වෙත ඇතුළු වීම සඳහා පවතින වරප්‍රසාදය අත්හිටුවීමට තීරණය කිරීම රාජ්‍ය ආරක්ෂාව සහ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව ආරක්ෂා කිරීම සඳහා ගත් තීරණයක් වන අතර, ඒ තීරණය ගුවන් හමුදා අභ්‍යන්තර ස්ථාවර කමිටුවක් මඟින් ගන්නා ලද තීරණයක් බවද ඇමැතිවරයා අවධාරණය කළේය. එම තීරණය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගෙන් කරුණු විමසීමක් හෝ හේතු දැක්වීම සඳහා නෛතික බැඳීමක් ගුවන් හමුදාව වෙත නැති බවද ඇමැතිවරයා කීය.

රාජ්‍ය ආරක්ෂාවට සහ රාජ්‍ය නායකයන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාවට හානිදායක කටයුතු විෂයයෙහි සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයන් තුළ පෙලඹවීක් ඇති වීම වැළැක්වීමත් මෙම විශ්‍රාමික නිලධාරියා කිසිඳු කඳවුරකට හෝ ආයතනයක් වෙත ඇතුළු වීම අත්හිටුවීම හේතු සාධක වූ තවත් කරුණක් බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

සක්‍රීය සේවයේ යෙදී සිටින සාමාජිකයන්ට දැඩි බලපෑමක් කළ හැකි තත්ත්වයක සිටින මේ හිටපු ජ්‍යේෂ්ඨ නිලධාරියා විසින් සක්‍රීය සේවයේ යෙදී සිටින සාමාජිකයන්ද එම නිලධාරියාගේ පෞද්ගලික දේශපාලන මතවාද සමඟ එකතු වන බවට කරන ලද ප්‍රකාශය මඟින් සක්‍රීය සේවයෙහි යෙදී සිටින තැනැත්තන් තුළ රාජ්‍ය විරෝධයක්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සිදුකිරීමක් විෂයෙහි යම් පෙලඹවීමක් ඇති විය හැකි බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  අවධාරණය කළේය.

ත්‍රිවිධ හමුදාව කිසිවිටෙකත් දේශපාලනයට ගාවා නොගන්නා ලෙස සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට දේශපාලන කටයුතුවල නිරත වන බවද පැවසීය. වගකීමෙන් යුතුව තම දේශපාලන කටයුතු නිරත වන ලෙස එවැනි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 27/2 යටතේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරින් කිහිප දෙනකු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න