මේ දවස්වල භූ කම්පන වැඩි ඇයි : හේතුව මෙන්න !

මේ දවස්වල භූ කම්පන වැඩි ඇයි : හේතුව මෙන්න !

ශ්‍රී ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම පවසයි.

අද (26) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බවත් සඳහන් කළේය.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භු චලන 09ක් වාර්තා වී ඇති බවය.

මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ භූ චලන 09ක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද එම කාර්යංශය පැවසීය.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ දි සිදුව තිබේ. ‍

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න