IMF කෙවිට ගැනීම රටට හොඳක් - චාමර සම්පත්

 IMF කෙවිට ගැනීම රටට හොඳක් - චාමර සම්පත්

අයි.එම්.එෆ් එක කෙවිට ගැනීම රටට වටින බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) පාර්ලිමේන්තුවේ ඇරඹි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ විවාදය අමතමිනි.

IMF කෙවිට ගත්තේ නැතිනම් ශ්‍රී ලංකාව දාසය වතාවක් කළ දේ දාහත් වෙනි වතාවේදී ද කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා දැන්වත් රට ගැන සිතා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදා දිය යුතු බවද පැවසීය.

"සමහරු නුවරඑළිය මහනුවර ජනාධිපති මන්දිර විකුණා ආර්ථිකය හදන්න කතා කළා.ඉම්රාන් ඛාන් පත්වෙලා හරක් ටික වික්ක කියලා පකිස්තානයේ ආර්ථිකය හැදුණේ නැහැ." යනුවෙන්ද එහිදී ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න