මේ වන විට ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වී තිබෙනව ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර එම ආයතනයේ ප්‍රධානියෙකු හට එල්ල කර තිබෙන ලිංගික අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වෙන බවට ස්වාධීන රූපවාහිනී සේවය ඇයට ලිඛිතව දන්වා ඇත.
ඒ අනුව එළැඹෙන මැයි මස 04 වනදා උදෑසන 10.00 ට ඇයට ආයතනය වෙත පැමිණෙන ලෙසත් එහිදී ඇය සතුව ඇති හඩපට හෝ වීඩියෝ පට, විද්‍යුත් පණිවුඩ හෝ චෝදනාව ඔප්පු කිරීමට ඇය සතුව ඇති වෙනත් සාක්ෂි රැගෙන එන ලෙසත් එම ලිපියෙහි සදහන් කර ඇත.
අදාළ මූලික විමර්ශනය ජ්‍යෙෂ්ඨ නීතිඥ ස්වීනා චෑන් විසින් පවත්වන බවත් එය ස්වාධීන රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේ පැවැත්වෙන බවද එහි සඳහන් කර ඇත.
අදාළ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
