දැනට වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයේ සේවය කරන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ දෙදෙනාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ඇමෙරිකානු රාජ්‍ය අප්‍රේල් 26 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
“වසන්ත කරන්නාගොඩ බරපතල ලෙස මානව හිමිකමක් උල්ලංඝනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන විමර්ශන මගින් ලේඛනගත කොට ඇති චෝදනා බරපතල සහ විශ්වසනීය වේ,” යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ බ්ලින්කන් එම නිවේදනයේ පවසා තිබේ.
වසන්ත කරන්නාගොඩ ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිව සිටි 2008-2009 කාල වකවානුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් ඇතුළු පිරිමි 11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක ප්‍රධාන චුදිතයකු වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
