Language Switcher

V2025

බළපිටියේ මළකෙළියක් : පොහොට්ටුවට එරෙහිව පොහොට්ටුවෙන්ම පෝස්ටර්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්  පළාත් පාලන ආයතනවල  වැඩි ජන්ද ප්‍රතිශතයක් ලැබූවන් පසෙකට ඇදදමා තෝරාගත් පිරිසක් වෙත නගරාධිපති/සභාපති ධූර ලබාදීම සම්බන්ධ ගැටළුව මේ වන විට ඔඩුදුවා ඇති බව වාර්තා වෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්  පළාත් පාලන ආයතනවල  වැඩි ජන්ද ප්‍රතිශතයක් ලැබූවන් පසෙකට ඇදදමා තෝරාගත් පිරිසක් වෙත නගරාධිපති/සභාපති ධූර ලබාදීම සම්බන්ධ ගැටළුව මේ වන විට ඔඩුදුවා ඇති බව වාර්තා වෙයි.

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාද සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිර්දේශ පවා නොතකන බලවේගයක් පළාත් පාලන ආයතන සඳහා තෝරාගත් පිරිසකට තනතුරු ලබාදෙමින් සිටින බවය.

මේ වන විට බලපිටිය ප්‍රාදේශීය සභාව තුළද මේ ගැටළුව මතුව ඇත. ඒ  පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී වතුගෙදර ප්‍රාදේශීය සභා කොට්ඨාශයට පොදුජන පෙරමුණෙන් තරග වැද බලපිටිය මැතිවරණ කොට්ඨාශයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයාට බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර නොදීම සම්බන්ධවය.

ඊට විරෝධය පළකරණ පිරිස් බලපිටිය මැතිවරණ කොට්ඨාශයේ වතුගෙදර, පැටිවත්ත, තුඩුවගොඩ, සීනිගොඩ, දකුණු වතුගෙදර හා බදුවත්ත ග්‍රාම සේවාවසම්වල බොහෝ ස්ථානයන්හි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විරෝධතාව දක්වමින් පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබෙනු දක්නට ලැබෙන අතර පොදුජන පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරිකයන් විසින් මෙම පෝස්ටර් විරෝධතාව සිදු කර ඇතැයි ද අනාවරණය වේ.

අදාළ සිදුවීම නිර්මාණය වීම සම්බන්ධව අප කළ සොයා බැලීමේදී එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නායකයකු සඳහන්කර සිටියේ ශ්‍රීලනිප අපේක්ෂකයන් වෙනුවට කුඩා පක්ෂවලින් පොදුජන පෙරමුණට අලුතින් එක්වීමට එකඟවූ පාර්ශවයන් සැනසීම සඳහා මෙම අකටයුත්ත සිදුකර ඇති බවය.

ඒකාබද්ධ විපක්ෂයේ තිබෙන කුඩා දේශපාලන පක්ෂ දියකර හැරීම සහ පොදුජන පෙරමුණ යටතේ වෙනම නායකයින් බිහිකිරීම මේ යටතේ සිදුවෙමින් ඇති බවද ඔහු පෙන්වාදුන් අතර බොහෝ පළාත් පාලන ආයතන සඳහා වසර දෙකක කාලයකට නගරාධිපති/සභාපති තනතුරු සීමාකර ඉතිරි කාල සීමාව සඳහා තවත් අයෙකුට එම තනතුර ලබාදීමට පොරොන්දුවූ අවස්ථාද ඇති බව ඔහු පැවසීය.

මේ හේතුවෙන් පළාත් පාලන ආයතන වෙතින් මේ දක්වා සිදුවූ මෙහෙයවත් සිදුනොවීමට ඉඩ ඇති බවද ඔහු පවසයි.