Language Switcher

V2025

එකට තිබූ සිරිකොත: තුනට බෙදයි !

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ‍ක්ෂේත්‍ර තුනකට වෙන්කර  නිලධාරී මණ්ඩලයකට බලය  පැවරීමට තීරණයවී ඇති බව වාර්තා වෙයි.එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ‍ක්ෂේත්‍ර තුනකට වෙන්කර  නිලධාරී මණ්ඩලයකට බලය  පැවරීමට තීරණයවී ඇති බව වාර්තා වෙයි.

එජාප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට සිරිකොත පක්ෂ මුලස්ථානයේ කටයුතු කාර්යක්‍ෂම කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පක්ෂ මුලස්ථානයේ ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම ක්‍ෂේත්‍ර ආවරණය වන ආකාරයට නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරෙනු ඇත.

ඔවුන්ට සහයදීම සඳහා විෂයභාර නව ලේකම්වරුන් තිදෙනෙක්ද පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැගීම ජාතික සංවිධායකවරයාටත්, ජනසන්නිවේදන හා ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙනයාමට ඒ සඳහා පත්කෙරෙන ප්‍රධානියාටත්, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙයවීමේ කටයුතු මහ ලේකම්වරයාටත් පැවරෙනු ඇත.