දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳ සමාව අයදින බව පැවසූ පමණින් ඔහු සම්බන්ධව පැවැත්වෙන විමර්ශන නැවැත්විය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට ප්‍රතිචාර දක්වමින්ය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
"කවුරු හරි වැරුද්දක් කරලා, සොරි කිව්වහම අපිට පරීක්ෂණ අත්හැරලා දාන්න බෑ. ඒක වෙලත් නෑ. වෙන්නෙත් නෑ මේකේ නෙමෙයි ඕන දෙයක. මේකේ වෙලා තියෙන්නේ CIDය මේක කරන්නේ. මේ සම්බන්ධයෙන් CIDයට නොයෙකුත් පැමිණිලි ලැබිලා තියෙනවා, ඔය ප්‍රකාශනය ගැන එතකොට ඔහුගේ තව දේවල් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ සියලු දේ CIDයෙන් විභාග කරනවා. එතකොට උසාවියෙන් තමා විදේශ ගමන් තහනම ලබාදී තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි සාමාන්‍ය ක්‍රමය ඕනෑම පුද්ගලයෙක් ලංකාවට ආවහම එයාර්පෝට් එකට ආවහම එතැනින්ම ඔහුව CIDයට භාරදෙන්න. එතකොට CIDය පරීක්ෂණ කරලා, කටඋත්තර ලියලා ඔවුන් තීරණය කරයි මෙයාව ගෙදර යවනවා ද? උසාවි දානවද කියලා. ඒක CID වැඩක්."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
