සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට සමගි ජන සන්ධානය මේ දක්වා තීරණය කර හෝ පිළිගෙන හෝ නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරයි.
නමුත් සමගි ජන සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සමගි ජන බලවේගය තමන්ගේ පක්ෂය තුළ ස්වාධීනව තීරණ ගැනීමට බාධාවක් නැති බවත් ඒ අනුව ඔවුන් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කර ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.
කෙසේ වෙතත් සමගි ජන සන්ධානයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරනවාද යන්න තීරණය කළ යුත්තේ සියලු දේශපාලන පක්ෂවල නායකයන් විසින් එකතුවී බවද මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසන අතර මෙතෙක් එවන් තීන්දුවක් ගෙන නැති බවත් එවැනි තීන්දු ගැන සාකච්ඡා කිරීමට ආරාධනාවක් ලැබී නැති බවත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
