බදු වැඩි කිරීම ගැන වැදි බණ එමට : ඒත් රන් ජාවාරම ජයටම

බදු වැඩි කිරීම ගැන වැදි බණ එමට : ඒත් රන් ජාවාරම ජයටම

ලංකාව මේ වන විට දකුණු ආසියානු කළාපයේ රත්තරං ජාවාරමේ මර්මස්ථානයක්ව තිබෙන බව  තහවුරු කරන පුවතක් ඊයේද  (22)  වාර්තා විය.ලංකාව මේ වන විට දකුණු ආසියානු කළාපයේ රත්තරං ජාවාරමේ මර්මස්ථානයක්ව තිබෙන බව  තහවුරු කරන පුවතක් ඊයේද  (22)  වාර්තා විය.

ඒ නීති විරෝධී ආකාරයට ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී  අත්අඩංගුවට ගැනීමත් සමඟය. රේගු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගනුලැබූ  රත්තරන් තොගයේ මුළු වටිනාකම රුපියල් 91,13,850 ක් පමණ වෙයි. කොළඹ , මරදාන ප්‍රදේශයේ  පදිංචි ව්‍යාපාරික යුවළක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන වලදී හෙළිවී ඇති ආකාරයට ඔවුන් සුදානම්ව සිට ඇත්තේ අලුයම 5.45 ට පමණ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9 ඩබ්ලිව් - 255 දරන ගුවන් යානය හරහා මෙම රත්තරං තොගය ගෙන යාමටය.

මේ වන විට ආනයනික රත්තරං සඳහා වටිනාකම පදනම් කරගනිමින් 15%ක බද්දක් පැනවීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීන්දු කරනු ලැබුවේ මෙම කූට ජාවාරමද වැළක්වීමේ අපේක්ෂාවෙන් වන බවත් ඒ හමුවේ ජාවාරම සඳහා රන් ආනයනය සීමා වෙතැයි විශ්වාස තැබිය හැකි බවද රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මේ ජාවාරම හේතුවෙන් අතිවිශාල බදු මුදලක් මෙන්ම විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බවද රේගුව පෙන්වා දෙයි.

ආනයනික රත්තරං සඳහා පෙර තිබු  9%ක සහනදායි බද්ද උපයෝගී කරගෙන මහා පරිමාණයෙන් රට තුළට රත්තරං තොග ආනයනය කර ඇති නමුත් ඒ මත වෙළඳපොළේ මිල අඩුවීමක් හෝ ස්වර්ණාභරණ ලෙස රත්තරං අපනයනය කිරීමේ වර්ධනයක් පෙන්නුම් නොකරන බවද රේගු ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

බදු වැඩි කිරීම ජාවාරම අධෛර්යමත් කිරීමට දායකවීමක් !

මේ සම්බන්ධව අප කළ විමසුමකදී මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයකු සඳහන් කර සිටියේ තීරු බදු සහන මත මෙරටට ආනයනය කළ රන් තොග ජාවාරමක් ලෙස පිටරට පැටවීම ඉතා සුක්ෂමව සිදුවෙන බවත් ඒ මත වෙළඳපොල රන් මිල තීරණයවීම කෙසේ වෙතත් කළු සල්ලි ඉපයීම ජයට සිදුවන බවය.

එසේම රත්තරං ආනයනයට සාපේක්ෂව දේශීය වෙළඳපොල මිල පහළ යාමක් හෝ රන් නිෂ්පාදන අපනයනයේ වර්ධනයක් සිදුව නොමැති බැවින් ජාවාරම් සඳහා බාධකයක් නව බදු සංශෝධනය හරහා සිදුවන බව ඔහුද තහවුරු කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න