පාර්ලිමේන්තුවට වෙලාවක් ලැබෙයි

පාර්ලිමේන්තුවට වෙලාවක් ලැබෙයි

එළඹෙන මැයි 08 වනදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පස්වරු 2.15 ට ආරම්භ කෙරෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දහනායක සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු වාරය පසුගිය අප්‍රේල් 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කරනු ලැබූ අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය තුළ පාර්ලිමේන්තුව යළි රැස්වන දිනය මැයි 08 ලෙස සඳහන්ව තිබුනත් ඒ සඳහා වෙලාවක් නිකුත් කිරීම අතපසුව තිබිණ.

කෙසේ වුවත් මේ වන විට මැයි 8 වනදා පස්වරු 2.15 ට පාර්ලිමේන්තුව රැස්වන බවට ජනාධිපති කාර්යාලය විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇත.

එසේම  ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කර මේ වන විට ලංකාවට පැමිණ සිටින නිසා  මෙම වෙලාව සඳහන් ගැසට් නිවේදනය කඩිනමින් නිකුත්වනු ඇති බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. 

සබැඳි පුවත් 

ජනාධිපතිගේ ගැසට් එකේ හිලක් !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න