විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයට : එජාපයෙන් කචල් එකක් !

විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයට : එජාපයෙන් කචල් එකක් !

පුර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සහ අමාත්‍යංශ විෂය පථ විද්‍යාත්මකව වෙනස් කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධව එජාප අමාත්‍යවරුන් පිරිසක්  අකමැත්තක සිටින බව වාර්තා වෙයි.

එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එම අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ සියළු අමාත්‍යවරුන්ගේ විෂය පථ මුළුමනින්ම වෙනස් කිරීමකට ලක්කළහොත් අදාළ අමාත්‍යංශ යටතේ මේ වන විටත් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇණහිටීමේ අවධානමක් තිබෙන බවය. එසේම ඒ තුළ පසුගිය වකවානුවට අදාලව තම තමන්ගේ අමාත්‍යංශ කිසිත් නොකළ බවක් ප්‍රදර්ශනය වනු ඇති බවටද අදාළ අමාත්‍යවරුන් සැකයකින් පසුවන බවද වාර්තා වෙයි. 

වසර දෙක සඳහා සියලු අමාත්‍යංශ වෙත නිශ්චිත නිශ්චිත වැඩ පිළිවෙලක්  

තවද මුළුමනින්ම අමාත්‍ය විෂය පථ වෙනස් කිරීම හරහා නව අමාත්‍යංශ වලට අලුතින් හැඩ ගැසීමට කාලයක් ගතවන බවත් ඒ තුළ ආණ්ඩුවේ ඉදිරි වසර දෙකක් වැනි කෙටි කාලයකට එවැනි අවධානමක් ගන්නේ නම් සෑම අමාත්‍යාංශයකටම අදාළ නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතු බවද ඔවුන්ගේ අදහසවී තිබෙන බව එජාප ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඒ අනුව මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අදාළ අමාත්‍යවරුන් තීරණය කර ඇති අතර එහිදී සමස්ථ අමාත්‍ය මණ්ඩල විෂය පථ වෙනස් කිරීමක් වෙනුවට මේ වන විටත් එකිනෙකට නොගැළපෙන ආකාරයට පවතින අමාත්‍යාංශ වෙත වැඩි අවධානයක් යොමුකර සංශෝධන සිදුකරන ලෙස ඉල්ලීමට සුදානමක් පවතින බවද වාර්තා වෙයි.

මේ අතර පසුගියදා නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රංජිත් මද්දුමබණ්ඩාර ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පුර්ණ අමාත්‍ය විෂය පථ වෙනසක් වෙනුවට අර්බුද පවතින සහ අත්‍යාවශ්‍ය සංශෝධන කළයුතු අමාත්‍ය විෂය වෙනස් කිරීම ප්‍රමාණවත් බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න