මැයි 08 : පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ගැනත් මඩක්

මැයි 08 : පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ගැනත් මඩක්

එළඹෙන මැයි 08 වනදාට නියමිත පාර්ලිමේන්තුවේ නව  සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට ඇතැම් පාර්ශව මාධ්‍ය වෙත පළකර ඇති අදහස් සත්‍යයෙන් තොර බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර මැයි මස 08 දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භවනුයේ දිවා ආහාරයෙන් ද පසුව බැවින්, අමතර ආහාර පාන සඳහා හෝ පාර්ලිමේන්තුව විසින් කිසිඳු මුදලක් වැය කරනු නොලබන  බවද එහි සඳහන්ව ඇත.

එබැවින් එදිනද  සාමාන්‍ය පාර්ලිමේන්තු පැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුව මගින් වැය කරනු ලබන මුදල හා සමාන මුදලක් පමණක් වැය වනු වනු ඇති බවත් එවැනි පසුබිමක සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් වැයකරන බවට පළවන තොරතුරු මුළුමණින්ම සත්‍යයෙන් තොර  බව ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න