"16 වෛරය" ඔඩු දුවයි : මැයි දින වර්ජනයක් ගැනත් තර්ජනයක් !

"16 වෛරය" ඔඩු දුවයි : මැයි දින වර්ජනයක් ගැනත් තර්ජනයක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද (23) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පසුව එළඹෙන මැයි දින සැමරුම සම්බන්ධව තීරණාත්මක තීන්දුවක් ගැනීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අදාළ පක්ෂ තනතුරු වලින් ඉවත් නොකළහොත් ශ්‍රීලනිප - සන්ධාන මැයි දින සැමරුම වර්ජනය කිරීමට මෙම පිරිස තීරණය කර ඇත.

එසේම ඒ බව අද සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට දැනුම්දීමටත් එහිදී ජනාධිපතිවරයාගෙන් තෘප්තිමත් විය හැකි ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෙනම මැයි දින සැමරුමක් සංවිධානය කිරීමට සහ ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා කිරීමටත් 16 කණ්ඩායම තීරණය කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න