සුදු කොඩි රැගත් ධීවරයින් : අහිමිවූ උපන් බිමේ වාඩිලයි ! (ජායාරූප )

සුදු කොඩි රැගත් ධීවරයින් : අහිමිවූ උපන් බිමේ වාඩිලයි ! (ජායාරූප )

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත් කරගෙන සිටින සිය උපන් බිම් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද (23) ඉරණතිව් හී  විරෝධය දැක්වූ ජනතාව සිය බඩුබාහිරාදිය සමඟ එහි  ලැගුම්ගෙන  ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත් කරගෙන සිටින සිය උපන් බිම් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද (23) ඉරණතිව් හී  විරෝධය දැක්වූ ජනතාව සිය බඩුබාහිරාදිය සමඟ එහි  ලැගුම්ගෙන  ඇත. 

මෙම ප්‍රදේශය  දශක ගණනාවක සිට  කලක් එල්ටීටීඊ පාලනයටත් පසුව ශ්‍රී ලංකා රජයේ හමුදාවට නතුවත් පැවතීම හේතුවෙන් එම ජනතාව අවතැන් ජීවිතයක් ගතකර ඇති අතර යුද්ධය නිමාවී  දශකයකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ වන තුරුත් අවතැන් ජීවිත උරුමව සිටි පිරිසක්ය.

ඒ හේතුවෙන් සිය උපන් බිම් නැවත තමන්ට විවෘත කරන ලෙස ඉල්ලා වෙනුවෙන් 2017 මැයි 01 වනදා සිට විරෝධතාවයන්හි යෙදී සිට ඇති අතර එහෙත් මේ වන තුරුත් ඊට බලධාරීන් අවධානයක් යොමුකර නොමැත.

පසුගිය සමයේදී ආරක්ෂක රාජ්‍ය  අමාත්‍ය රුවන් විජේවර්ධනද විරෝධතාවයේ නිරතව සිටි මෙම ජනතාව වෙත පැමිණ අදාළ ඉඩම් නිදහස් කරදෙන බවට පොරොන්දු වුවත් එය මේ වන තෙක් ඉටුකර නොමැති බව මෙම ජනතාව සඳහන් කර සිටියි.

මෙම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය වන අතර ඒ බව සංකේතවත් කරමින් ඔවුන් අද සිය උපන් බිම වෙත පැමිණ ඇත්තේ සුදු කොඩි සහ විරෝධතා පුවරු රැගත් බෝට්ටු යොදාගනිමින්ය.

අදාළ ප්‍රදේශය මේ වන විට නාවුක හමුදාව සතුව ඇති අතර ජනතාවගේ පැමිණීම සම්බන්ධව ඔවුන් සිය ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

{gallery}359{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න