එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව ඊයේ (25) රැස්වූ අවස්ථාවේ පක්ෂයේ ප්‍රධාන නිලතල කිහිපයක් සම්බන්ධව තීන්දු ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ මහ ලේකම්ධුරය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත්කර ඇත. එසේම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට අමාත්‍ය නවීන් දිසානායක පත්කර ඇති අතර පක්ෂ සභාපතිත්වය හිමිව ඇත්තේ අමාත්‍ය කබීර් හෂීම් වෙතය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙසට අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත්කර ඇති අතර උප නායක ධුරයට පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකවය. පක්ෂයේ භාණ්ඩාගාරික වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පත්කර ඇත.
එසේම පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ යෝජිත තවත් තනතුරු කිහිපයක් සඳහා පත්වීම් අද (26) පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

