ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 ට නැවත අමාත්‍යධුර ලබාදීමට උත්සාහයක් පවතින බවත් එය හාස්‍යකින් ආරම්භවී ඛේදාන්තයකින් අවසන් වන අපේ කාලයේ නාඩගමක් වනු ඇති බවට චෝදනා එල්ලවෙමින් පවතී.
ජනවාරි 08 වෙනුවෙන් කැපවූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ චෝදනාව එල්ල කරන අතර අවම වශයෙන් ආණ්ඩු පෙරළියේ ප්‍රධාන බලකණුවක් වූ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ලබාදුන් පොරොන්දුව පවා ජනාධිපතිවරයාට අමතකවී ඇති බවක් පෙනෙන්නට ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් newstube.lk අමතා මේ අදහස් පළකර සිටියේ අද (25) ශ්‍රීලනිප මුලස්ථානයේ අමාත්‍ය මහින්ද සමරසිංහ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ පළවූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්ය.
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 ට නැවත ඇමතිකම් ගන්න සුදානම් නම් අපි ඒ වෙනුවෙන් සටන් කරනවා - අමාත්‍ය මහින්ද සමරසිංහ
එම මාධ්‍ය හමුවේදී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ "ආණ්ඩුවෙන් ඉවත් වු අපේ 16 දෙනාට ආපහු ඇමැතිකම් දෙන්න අවශ්‍ය බවත් අප ඒ අය වෙනුවෙන් සටන් වදින්න සුදානම්" බවය.
එසේම මේ සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.
"මධ්‍යම කාරක සභා රැස්වීමේදී විපක්ෂයට යාමක් ගැන සාකච්ඡා නොකළ බවත් තමන් සමඟ සිටින 39 දෙනාම ඉන්නේ ජනාධිපතිතුමා එක්ක එකට ගමන් කළ යුතුයි කියන මතයක" බවද අමාත්‍යවරයා පැවසු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින උත්සවය පක්ෂයේ සභාපති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මැයි 7 වැනි දා මඩකලපුවේ දී පවත්වන බවද දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි පෙළපාළියක් මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇතැයි ද සමරසිංහ අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.
මැයි 8 න් පසුව ශ්‍රීලනිපය උඩු යටිකුරු වෙනවා - ඩිලාන්
මේ අතර මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කර ඇත්තේ මැයි 08 වනදායින් පසුව ශ්‍රීලනිපය උඩු යටිකුරු වන තීන්දුවක් ගැනීමට නියමිත බවත් ඉදිරි දින 45 ක කාලය තුළ ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්නද තීන්දු කිරීමට නියමිත බවත්ය.
එසේම ඉදිරි පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්තේදී පක්ෂයේ ඉහළ නිලතල රැසක් වෙනස් වනු ඇති බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
මේ මොන විකාරයක්ද? ලැජ්ජාවේ බෑ - සිවිල් සමාජ ක්‍රියාකාරීන්
මේ සම්බන්ධව අදහස් දක්වන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සඳහන් කර සිටින්නේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාගේ පක්ෂය දක්වන දෙබිඩි ප්‍රතිචාරය විසින් දිගින් දිගටම ප්‍රතිගාමීත්වය බලවත් කිරීමේ අවධානමක් මතුකර ඇති බවය.
එසේම මේ තත්ත්වය ආණ්ඩුවේ පැවැත්මට අහිතකර බවත් ඉදිරියේදී ජනාධිපතිවරයාගේ පාර්ශවය දේශපාලන බිමේ හුදකළාවීමේ අවධානමක් පෙන්නුම් කරන බවද ඔවුන් සඳහන් කරයි.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වැඩිදුරටත් මෙසේද පැවසීය.
"මේ මොන විකාරයක්ද මේ අය කරන්නේ?මොන නාඩගමක්ද නටන්නේ? මේක ඉවරයක් වෙන්නෙම නැද්ද? ලජ්ජා නැද්ද මෙහෙම හැසිරෙන්න. පක්ෂයක තීන්දුවක් ගන්න මෙහෙම ඇදෙන්න දෙයක් තියනවද? අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අමතක කරන්න එපා ඒක ඉදිරිපත් කළේ සමස්ථ ආණ්ඩුවටම එරෙහිවයි. ඒ යෝජනාව පරාජය කළා. දැන් අලුත් ගමනක් යනවා කියලා, ආයෙමත් අර ගිය නඩයට ඇමතිකම් දෙන්න මුට්ටිය දාලා බලනවා. රට කරන්න, සංවර්ධන උපායමාර්ග දියත් කරන්න තියන වෙලාව නේද මේ නාස්ති කරන්නෙ. ඔහොම ගිහින් කරලා බලන්න කියන්නකෝ. මෙයාලට වෙන දේ මෙයාලත් දන්නෙ නෑ"

