එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ විරෝධයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ විරෝධයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
නව තනතුරු එලි දැක්වීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සිය ෆේස්බුක් ගිණුමෙහි ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇති අතර ප‍්‍රතිසංවිධානය අවසන් වී ඔහු පිටව ගියේද මාධ්‍යවවේදීන්ට ‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා..’ යයි කියමිනි.
එක්සත් ජාතික පක්‍ෂය තුල දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි මතවාදී අරගලයක් කල පිරිස් අතර අජිත් පී. පෙරේරා ඉදිරියෙන්ම සිට කටයුතු කල අයෙක්වූ අතර තවත් මැති ඇමතිවරු කිහිපදෙනෙක්ම අපේක්ෂිත ප්‍රතිසංවිධානයක් නොවූ බවට චෝදනා නගමින් සිටින බවද වාර්තා වෙයි.

