මැයි 1 වනදා : සියළු රැස්වීම් තහනම් කරලා

මැයි 1 වනදා : සියළු රැස්වීම් තහනම් කරලා

ජාත්‍යන්තර කම්කරු දිනයේ කිසිදු රැස්වීමක් පැවැත්වීම තහනම් කර ඇති බවත්, එම තහනම නොසලකා ජාත්‍යන්තර කම්කරු දින රැලිය මහපාරේ හෝ පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුම්න්ද නාගමුව පවසයි. 

ඔහු ඒ බව සඳහන් කර සිටියේ ඊයේ (25) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

කම්කරු දිනයේ රැස්වීම් පැවැත්වීම සඳහා අවශ්‍ය ස්ථාන ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් මාසය ආරම්භ වන විට පොලිසිය කැඳවීම් සිදුකළත් මෙතෙක් මැයි 1 වනදා රැළිය පැවැත්වීමට ස්ථානයක් ලබාදී නොමැති බවද ඔහු පැවසීය.

කොළඹ මහ නගරසභාව ස්ථානයක් දෙන්නෙ නෑ

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. "මේ වෙනකොටත් කම්කරු දිනය මැයි පළමුවැනිදා පැවැත්වීම සඳහා කිසිදු ස්ථානයක් ලබානොදීමට කොළඹ මහ නගර සභාව තීරණය කරලා. අපේ පක්ෂයට නාගරික කොමසාරිස්වරයා ලිපියක් මගින් ඒ බව දන්වලා තිබෙනවා. එහි සඳහන් වෙන්නේ, ”ගරු මහ නා හිමිවරන්ගේ ඉල්ලීම අනුව, රජය ගත් තීරණය අනුව 2018 වර්ෂයේ කම්කරු දිනයට සමගාමීව පවත්වනු ලබන රැුස්වීම් සහ පෙළපාලි මැයි 1වන දින නොපැවැත්වීමට තීරණය කළ බැවින් කොළඹ නගරසභාව විසින් කී‍්‍රඩාංගන කිසිවක් එදිනට ලබා නොදීමට කටයුතු කර ඇත” යනුවෙනුයි. දැන් මේකට අනුව කිසිම රැස්වීමක් පවත්වන්න බෑ. අපිට තොරතුරු වාර්තා කළා සමාජවාදී සමානතා පක්ෂය, ඔවුන් මහජන පුස්තකාලය රැස්වීමක් සඳහා මැයි 01 ඉල්ලා තිබුණත් එය ලබා නොදුන් බව. රැස්වීම් පවත්වන්න කී‍්‍රඩාපිටි ලබාදෙන්නෙත් නෑ, පෙළපාලි පවත්වන්නත් බෑ, රැුස්වීමකට ශාලා ලබා දෙන්නෙත් නෑ. ඒ අනුව කොළඹ තිබෙන අඩි දහය දහයේ කාමරයක්වත් මැයි 01 වැනිදාට වෙන්කරගන්න බෑ ඒ දවසේ රැස්වීමක් පවත්වන්න. ඒ විදිහට පළවැනිදා මේ රටේ රැස්වීම් තහනම්. මෙය සෘජුවම කම්කරු දින තහනමක්. ඇයි ආණ්ඩුව කම්කරු දිනය මේ විදිහට තහනම් කරන්නේ?

පොලිසිය කියන්නේ වෙනම කතාවක් 

ඒ සම්බන්ධව පොලිසිය වෙතින් විමසා සිටි අවස්ථාවේ ඔවුන්  මැයි පළමුවැනිදා කම්කරු දින රැස්වීම් පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවත් කැමති කෙනෙක්ට රැස්වීම පැවැත් වීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළ බවද පැවසීය.

එහෙත් එක්සත් ජාතික පක්ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි, ඒකාබද්ධ විපක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි සූදානම් වෙලා හිටියෙ කම්කරු දිනය 7වැතිදට සමරන්න. ඒ සාකච්ඡාවේදී අපි ප‍්‍රකාශ කළා මැයි පළවැනිදා ජාත්‍යන්තර කම්කරු දින රැලිය සහ පෙළපාලිය පවත්වන බව. 

2007 නැති තහනමක් අද මොකද ?

මැයි 01 කම්කරු දිනය ආණ්ඩුවේ දේශපාලන අර්බුදය පියවාගැනීමට කල් දැමු දෙයක්. මහනායක හිමිවරු, අනුනායක හිමි කතා කරනවා, ඔවුනුත් කරුණු ඉදිරිපත් කරමින් ඉන්නවා. ඒ කරුණු වලිනුත් පැහැදිලි වෙනවා බෞද්ධ සමාජයෙන්වත්, භික්ෂූ සමාජයෙන්වත් ආව ඉල්ලීමක් නෙවෙයි කියලා. අනෙක් කාරනේ තමයි මේ වගේ අවස්ථා ආව පළමු අවස්ථාව මේකද? 2007 මැයි 01 ජාත්‍යත්තර කම්කරු දිනයේදිමයි වෙසක් පොහොය යෙදිල තිබුණේ. එතකොට අපි ජනතා විමුක්ති පෙරමුණේ. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලාත් එදා පෙලපාලි ගියා. එදා ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් පැවැත්වූවා. එදා මේ කිසිම ප‍්‍රශ්නයක් නොමැතිව කම්කරු දිනය සැමරුවා නම් මෙවර කම්කරු දියයේ කිසිම ප‍්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. අනෙක් කාරණය තමයි මෙවර වෙසක් පොහොය යෙදිල තිබෙන්නේ කම්කරු දිනට දින දෙකකට කලින් අපේ‍්‍රල් 29වැනිදා. 2018 වෙසක් පොහොය ලෝක පරිමාණයෙන් සමරන්නේ කවදාද කියලා අපි අහනවා? අපේ‍්‍රල් මාසයේ 29වැනිද ද මැයි 29වැනිදද? ලෝක පරිමාණයන් වෙසක් උත්සවය සමරන්නේ මැයි 29. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් පොහොය දිනය ලෙස නම්කර තිබෙන්නේත් මැයි 29වැනිදායි. ඒ අනුව ලෝකේම වෙසක් සමරන මැයි මාසේ ලංකාවේ අප්‍රෙල් මාසේ. එසේනම් මේ ප‍්‍රශ්නය කාගේ උවමනාවටද? හරිම පැහැදිලියි, මෙය ආණ්ඩුවේ දේශපාලන අර්බුදය වසාගැනීම සඳහා ආණ්ඩුවේ උවමනාවට කළ දෙයක්. 

ආණ්ඩුවේ බලපෑමට යට වෙන්නේ නෑ

අපි ආණ්ඩුවේ මේ බලපෑමට එකඟ නෑ. ජාතත්‍යන්තර කම්කරු දිනය මැයි 01 පවත් වනවා. රැස්වීම් සඳහා කී‍්‍රඩාංගන දෙන්නේ නැත්නම් අපි පාරෙ කම්කරු දින රැලිය පවත්වනවා. ඒ වගේම අපි අවධාරනය කරන්න  ඕන ජනතා විමුක්ති පෙරමුණ 1987 මැයි දින තහනම නොතකා මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් කම්කරු දිනය සමරන්න 1987 මැයි 1 වැනිදා කිසිදු පකිලීමකින් තාරව ඉදිරියට ආවා. අද ඒ පක්ෂයෙ නායකයන් හීලෑ වෙලා කම්කරු දිනය 7 වැනිදා සමරන්න යනවා. අපි ඒ විදියට කම්කරු දිනය හිලෑ කරන්න එකග නෑ. අපි මැයි 1 වැනිදා ලෝක පරිමාණ වැඩකරන ජනතාව සමග ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් සහ ඒ හැඟීමෙන් ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්න කටයුතු කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න